කොලර් එකේ බැදෙන කුණු ඉවත් කිරීමේ පහසු ක්‍රම…..

ගොඩක් වේලාවට සුදු ඇදුම්වල එහෙම කොලර් එකේ බැදෙන කුණු යවන්න ගොඩක් අමාරුයි.ඔයාලටත් ඒ අත්දැකීම ඇති කියල මම හිතනවා.ගොඩක් අය ලොකු බුරුසු වලින් එහෙම අතුල්ලලා ඇදුම් සවුත්තු කරගෙනත් ඇති.නමුත් ඇදුමට හානියක් නොවී කුණු ඉවත් කරන එක තමයි වැදගත්.විශේෂයෙන් පාසල් යන අයට මේ පෝස්ට් එක වැදගත් වෙයි.මම නම් මේ ක්‍රමය අත්හදා බැලුවෙ සුදු කමීසයකට.පාට ඇදුම්වලට කොහොමද කි්යන්න නම් දන්නෙ නෑ.

ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ ඇදුම වතුරට දාන්න කලින් ෂැම්පු පොඩ්ඩක් අරගෙන ඒ පැල්ලම උඩ ගාලා විනාඩි 20ක් විතර තියන්න.වතුරෙ දිය කරන්නෙ නැතුව ගන්න ඕනෙ.

විතාඩි 20කින් විතර පස්සෙ වතුර ‍පොඩ්ඩක් අරගෙන අර ෂැම්පු ගාපු තැන් වලට ඉහින්න.ඊට පස්සෙ පෙණ නගිනකම් අතුල්ලන්න.දත් බුරුසුවක් වගේ සියුම් කෙදි තියෙන බුරුසුවකිනුත් හිමිහිට අතුල්ලන්න.මේ සදහා ඔයා කැමති ෂැම්පු වර්ගයක් ගන්න.අර කන්ඩිෂනර් කියන ෂැම්පු වර්ගය මේ වැඩේට ගොඩක් හොදයි.

සමහර පැල්ලම් ඉස්සෙල්ල කිව්ව විදිහට යවන්න පොඩ්ඩක් අමාරුයි.ඒ වගෙ ඒවා යවන්න නම් ගොඩක් පරිස්සමින් කරන්න  ඕන වැඩක් තියෙනවා.ක්ලෝරීන් කුඩු පොඩ්ඩක් අරගෙන වතුරෙ දිය කරල අතුල්ලන්න.හැබැයි ක්ලෝරීන් වැඩිවෙන්න දෙන්න එපා.ඒ වගේම පාට ඇදුම්වලට ක්ලෝරීන් දාන්න එපා.පාට පිච්චෙනවා.සුදු ඇදුම් වලට විතරක් දාන්න.ඒත් වැඩිය දාන්න එපා.රෙදි දිරනව.

සබන් කුඩුු ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ.ඊට වඩා කුණු යනව සබන් වලට.පුළුවන් තරම් සබන් වලින් හෝදන්න.සමහර සබන් කුඩු වර්ග ඇදුම් වලට වගේම සමටත් විසයි.ඒක ඔයා අත්දැකීමෙන්ම දන්නවත් ඇති.

මම කැමතියි ඔයා එක්ක මගේ අත්දැකීම් කිහිතයක් බෙදාගන්න.

සමහර රෙදි සෝදන සබන් වලට යන්නෙ නැති කුණු ඇගේ ගාන සබන් වලට යනවා.ඒ මොකද කියන්න නම් මම දන්නෙ නැහැ.සමහර අය සබන් කුඩු දානකොට හිතෙන හිතෙන ප්‍රමාණ වලින් දානවා.ඒක හොද පුරුද්දක් නෙමේ.පිටිපස්සෙ ගහල තියෙන උපදෙස් පිලිපදින්න.

මම ඊලට පෝස්ට් එකෙන් තවත් මේ වගේම වැදගත් කරුණු කිහිපයක් ඔයාට කියන්නම්.මම සදහන් කරපු ක්‍රමවලට අමතරව තවත් ක්‍රම ඔයා දන්නවනම් අනිත් අයටත් දැනගන්න කමන්ට් කරන්න.

6 thoughts on “කොලර් එකේ බැදෙන කුණු ඉවත් කිරීමේ පහසු ක්‍රම…..

  1. dit :Having a large choice involving helmets is vital, yet moreover is ensuring that every single sport bike helmet you add out there is of the best good quality. Bell bike helmets are usually graded the very best among all the manufacturers since they offer you characteristics that a lot of brand names do not.

    කැමතියි

  2. saluttiCiao Giordana,Mi chiamo Luis Ugalde, architetto laureato a Mexico (Monterrey) nel 99. Dall’estate del 2001 vivo in Playa del Carmen, Quintana Roo, México.He leído tu blog y me ha encantado, como si uno arquitecto estuviera recorriendo la ciudad con una excelente compañía. Sigue escribiendo!Saludos.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න