කම්පියුටරයේ power cable එක එහි adapter එකට හොදින් සවිවීමේ වැදගත්කම.

ආයුබෝවන් හැමෝටම! කොහොමද ඉතින් සෑහෙන කාලෙකින් මේ පැත්තතෙ එන්න බැරි වුනා…මාර වැඩේනෙ වුනේ

දවසක් මං මැෂින් එකේ වැඩ කරකර ඉන්නකොට රබර් පිච්චෙනවා වගේ ගදක් අවා.ඒත් ඒක එන්නෙ කොහෙන්ද කියලා මට හොයාගන්න බැරිවුනා.මම හිතුවා කොහේ හරි ටයර් එකක් පිච්චෙනවා ඇති කියලා.මම කර කර හිටපු වැඩේ ඉවර කරලා මැෂින් එක ඕෆ් කරලා දැන්මා.දවස් 2ක් විතර ගියා.ඒ දවස් 2ත් සැරෙන් සැරේ ඔය ගද ආවා.මම එච්චර ඒක හෙව්වෙ නෑ.මොකද මම ඉන්නෙ ටවුන් එකක.ඉතින් එක එක ජාතියෙ ගදවල්,සුවදවල් නිතර එනවා.

පිලිස්සුණු වයරය
පිලිස්සුණු වයරය

Read More »

ඔබ බ්ලොග් ලියන්නෙක්ද?එහෙනම් පොඩ්ඩකට මේ පැත්තට ඇවිත් යන්න.

මම මේ බ්ලෝග් එක පටන් අරන් වැඩි කාලයක් නෑ.ඒ නිසා බ්ලොග් අවකාශයට මම තාම අලුත්.නමුත් ගොඩක් බ්ලොග් අඩවි මම මේ දවස් ටිකට දැක්කා.ඒවා බලනකොට මට තේරුනා මම බ්ලොග් අවකාශයේ යම් මට්ටමකට හුදෙකලා වෙලා කියලා.ඒ නිසා මම හිතුවා බ්ලොග් අවකාශයේ ඉන්න ඔයාලා වගෙ අය හදුනගන්න..ඉතින් ඔයට කරන්න තියෙන්නෙ මෙච්චරයි.ඔයාගෙ නමයි,බ්ලොග් අඩවියෙ ලිපිනයයි කමෙන්ට් කරන්න.එහෙම අමාරුනම් අපේ ෆේස්බුක් පේජ් එක හරහා මට මැසේජ් කරන්න.මගෙ බ්ලොග් එකේ අඩුපාඩු එහෙම තියෙනම් මතක ඇතුව ඒවත් කියන්න අමතක කරන්න එපා.ස්තූතියි.

අපේ ෆේස්බුක් පිටුව>>>https://www.facebook.com/pivithurusithuvili

දුරකථන බිල හරි අඩකින් අඩු කිරීමේ මග

අද වෙනකොට ෆෝන් එක අපිට නැතුවම බැරි දෙයක් වෙලා.ඒ නිසා මාසෙකට සැලකිය යුතු මුදලක්  දුරකථන ගාස්තු සදහා වැය වෙනවා.ඔබ පෙරගෙවුම් පාරිභෝගිකයෙක් වේවා පසුගෙවුම පාරිභෝගිකයෙක් වේවා දුරකථන බිල අඩු කරන කරන්නෙ මෙහෙමයි.Read More »

ඔබ සිටිය යුතුම facebook සමූහ 7ක්.

අද වෙනකොට ඉන්ටර්නෙට් යන ගොඩක් අය අනිවාරෙන් ෆේස්බුක් භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා.ඇත්තටම එය හොද ප්‍රමණතාවක්.මොකද සමාජජාල වලින්‍ෙ තොරව අන්තරජාලයේ සැරිසැරීම යම් කිසි හුදෙකලාවීමක්.

ඉතිං මම අද හිතුවා හැමෝටම වැදගත්වෙන ෆේස්බුක් සමූහ ටිකක් ගැන ඔයාලට කියන්න.‍මෙම සමූහ තුල ඉතා හොද කළමණාකාරීත්වයක් පවතින නිසා අද වෙන තුරු ඉතා හොදින් පවත්වාගෙන යනවා.ඒ නිසා මෙම සමූහ තුල ඉතා හොද විනයක් පවත්වාගන්න.මොකද ගොඩක් ඒවා අසාර්ථක වෙලා තියෙන්නෙ මේ විනය සහ කළමනාකරනය හොදින් නොතිබීම නිසා.Read More »

පොල් කටුවක් සබන් පෙට්ටියක් ලෙස භාවිතා කර ඇති ආකාරය

සබන් දැමීමට පොල් කටුවක් භාවිතා කිරීමේ වැදගත්කම.

.සමහර විට හිනා යනවත් ඇති මම මේ කියන කතාවට.නමුත් මම මේක දකින්නෙ යුගයේ අවශ්‍යතාවයක් හැටියට.මොකද අද වෙනකොට කෘතීම දේවල් භාවිතය වැඩිවෙලා තියෙනවා.ඒවයි ඵල විපාකත් බොහෝමයි.ඒ් නිසා මම හිතුවා මෙවැනි දේවල් කරලියට ගේන්න.Read More »

මන්දගාමී වූ පරිගණකය නැවත වේගවත් කරමු

සමහරවිට දැන් ඔයාගෙ කම්පියුටර් එක ගෙනාපු දවස්වල තරම් ස්පීඩ් නැතුව ඇති.එතකොට ඉතින් එපා වෙන එක අහන්නත් දෙයක්ද.නමුත් අපිට විවිධ ක්‍රම භාවිතා කරල නැවත වේගවත් කරගන්න පුළුවන්.වාහනයක් වුනත් නිතර නඩත්තු කරනවනම් තමයි හොදට වැඩකරන්නෙ.ඉතින් ඒ නිසා සතියකට සැරයක්වත් දවසක් වෙන් කරගන්න පරිගණකය නඩත්කු කරන්න.

හිතන්න ඔයාගෙ මේසෙ උඩ කාලයක් තිස්සෙ ඉදන් එක එක දේවල් එකතු වෙලා මේසෙ පිරිල තියෙන්නෙ කියලා.එත‍කොට ඔයාට මේසෙ උඩ කිසිම වැඩක් පහසුවෙන් කරන්න බෑ නේද.හිතන්න ඔයා මේසෙ උඩ තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරල අවශ්‍ය දේවල් පිලිවෙලකට තැන්පත් කරනවා කියලා.එකකොට ඔයාට මේසෙ ගොඩක් ඉඩතියෙනවා නේද?ඉක්මනින් වැඩ කරන්නත් පුළුවන්.හිතටත් සතුටුයි.මෙන්න මේ කාරනේ පරිගණකයටත් පොදුයි…

පරිගණකයෙත් කාලයක් වැඩකරනකොට විවිධ අනවශ්‍ය ෆයිල්ස් ගොඩගැහෙනවා.ඒ දේවල් බලපානවා පරිගණකයේ වේගයට.මේ විදිහට එකතුවෙන දේවල් ඉවත් කරන්න මෙහෙයුම් පද්ධතිය මගින් විවිධ පහසුකම් ලබාදීලා තියෙනවා.නමුත් ඊට වඩා පහසුවෙන් මේ දේ කරගන්න පුලුවන්  මෘදුකාංග තියෙනවා.පහතින් තියෙන්නෙ එවැනි ප්‍රභල මෘදුකාංග කිහිපයක්.

මින් එකක් තොරාගෙන ඔබේ පරිගණකය පිරිසිදු කරගන්න.ඒ වගේම පරිගණකයේ වේගවත් කරන ගොඩක් ‍පහසුකම් මේවයි තියෙනවා.මේ වගේ මෘදුකාංගයක් භාවිතා කරන එක ගොඩක් වාසියි.එකම තැනින් ගොඩක් දේවල් කරගන්න ඇහැකි.

පරිගණකය මන්දගාමී වෙන්න තව හේතුවක් තමයි අධික ලෙස මෘදුකාංග ස්ථාපනය කර තිබීම.ගොඩක් අය තමන්ට අනවශ්‍ය මෘදුකාංග පවා ස්ථාපනය කරනවා.ඒ නිසා තමන්ට වැඩක් නැති මෘදුකාංග දාලා තියෙනම් දැන්ම ඉවත් කරන්න.

සමහර වයිරස් ගාඩ් වල ක්‍රියාකාරීත්වය නිසාද පරිගණකය මන්දගාමී වෙනවා.ඒ නිසා පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙනවනම් හරි එහෙම නැත්නම් පෙන් එකක් සීඩී එකක් දාපු වෙලාවක් ඇරෙන්න අනිත් වෙලාවල් වලදි වයිරස් ගාඩ් එක ක්‍රියා විරහිත කරල තියන්න.

මෙහෙයුම් පද්ධතිය නිතර යවත්කාලින කිරීමෙනුත් වේගවත් බව ඇතිකරගන්න පුළුවන්.නමුත් බොහෝ අය ව්‍යාජ පිටපත් භාවිතා කරන නිසා ඒ අයට ටිකක් අවදානම්.

මම ඔයාට කිව්වෙ පොදු කරුණු පමණයි.විවිධ මෙහෙයුම් පද්ධතිවල තියෙන පහසුකම් ගැන කියන්න මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නෙ නෑ.

තව ප්‍රධාන හේතුවක් තියෙනවා පරිගණකය මන්දගාමී වෙන්ක.ඒ තමයි මැල්වෙයා එහෙම නැත්නම් අනිෂ්ථ මෘදුකාංග පරිගණකයේ තිබීම.ගොඩක් අය දන්නෙ වෛරස් ගැන විතරයි.වෛරස් කියනනෙත් මැල්වෙයා වලටම අයිතිවන දෙයක්.පරිගණකයන් වැඩ කිරීමට බැරි තැනටම මන්දගාමී කරන්න මෙයාලට පුළුවන්.මේව ඉවත් කරන එක එතරම් පහසු කටයුත්තක් නම් නෙවෙයි.මම භාවිතා කරන්නෙ Malwarebytes  කියන වැඩසටහන.එය ඉතා හොද තත්වයේ සේවාවක් ලබා දෙනවා.මගේ පරිගණකය නැවත වේගවත් කරන්න මෙම මෘදුකාංගය උදව් වුනා.

ඉතින් මම හිතනවා ඔයාට මේ ලිපිය ගොඩක් වැදගන් වෙන්න ඇති කියලා.තවත් මෙවැනි ලිපි බලාපොරොත්තු වීමට අපගේ ෆේස්බුක් පිටුව හා එක්වන්න.

සබන් කුඩු භාවිතය අවම කරමුද?

අද වෙනකොට බොහෝ අය සබන් කුඩු නිතරම භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා.මං හිතන්නෙ පහසුව නිසා වෙන්න ඇති.නමුත් මෙය නිතරම ඇදුම් වලට භාවිතා කරන එක අහිතකරයි කියන එක තමයි මගේ අදහස.මමත් කාලයක් නිතර සබන් කුඩු භාවිතා කරා රෙදි හෝදන්න එහෙම.ඒ ලැබිච්ච අත්දැකීම් ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා.

Picture 002

1.කුණු යනවා කිව්වට කුණු යන්නෙම නෑ…….

කොච්චර වෙළද දැන්වීම්වල කිව්වත් මගේ අත්දැකීමෙ හැටියට ඇදුම්වල කහට පැල්ලම් එහෙම සබන් කුඩුවලින් ඉවත් කරන්න අපහසුයි.සෑහෙන්න දුකක් විදින්න ඕන.ඊට වඩා ලේසියෙන් කුනුයවන්න පුළුවන් සබන් වලින්.සබන් භාවිතා කරල සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කරගන්න පුළුවනි.

2.වතුර නාස්ති වෙනවා වැඩියි……..

ඔබ නාගරිකව වෙසෙන කෙනෙක් නම් මේ අත්දැකීම ඔබටත් ඇති.ගොඩක් සබන් කුඩුවල සබන් ගතිය ඉවත් කරන්න දෙතුන් පාරක් හෝදන්න ඕන.

3.ඇදුම්වල පාට යනවා…..

සමහර ඇදුම්වල බලාගෙන ඉදිද්දි පාට යන‍වා.සමහර ඇදුම් වල කාලයක් යනකොට පේන්න ගන්නා පාට ගිහින් කියලා.ඇදුම්වල අලුත් පෙනුම නැති වෙනවා.

4.ඇදුම්වල ඇති ලෝහමය කොටස් වල මල බැදීම ඉක්මන් වෙනවා.

අපි ඇදුම් ටික පෙගෙන්න තියලා ටික වෙලාවකින් බැලුවම සමහර ඇදුම්වල මලකඩ පැල්ලම් දකින්න ලැබෙනවා.එතන්දි වෙන්නෙ අර ගංචු වල මලකඩ බැදීම වේගවත් වෙනවා.මොකද ටික වෙලාවක් වතුරෙ පෙගෙනවා අනිත් එක සබන් කුඩුවල තියෙන රසායන ද්‍රව්‍ය ඒක වේගවත් කරන්න උදව් වෙනවා.

මේවා මගේ පෞද්ගලික අත්දැකීම්.අපි දැන් පොදුවෙ බලමු සබන් කුඩුවල වාසි .

සබන් කුඩුවල වාසි

  • ලාභදායී වීම
  • භාවිතය පහසු වීම
  • කිවුල් ජලයේ පවා හොදින් භාවිතා කළ හැකිවීම

මම දන්න තරමින් වාසි මෙච්චරයි.දැන් අපි බලමු අවාසි මොනවද කියලා..

  • සබන් කුඩුවල අඩංගු රසායන ද්‍රව්‍ය අහිතකර වීම.
  • පරිසර දූෂණයට උපකාරී වීම.
  • ඇදුම්වල කල්පැවැත්ම අඩු වීම.

තව මං අර ඉස්සෙල්ලම කියපුවත් ගන්න පුළුවන්.පිලිකාකාරක රසායන ද්‍රව්‍ය පවා මේවයි අඩංගු වෙනවලු.මේවා ජලාශ වල සුපෝෂණ තත්වය ඇතිවෙන්නත් බලපානවා. මම හිතනවා මේ කරුණු ගැන අන්තර්ජාලයෙන් ඔයා තව තොරතුරු හොයන එක හොදයි.ඉතින් මේ වාසිත් එක්ක බැලුවහම අවාසි ප්‍රභලයි ඒ නිසා සබන් කුඩු භාවිතය අවම කරන එක ගොඩක් හොදයි.අපිට පුළුවන් සබන් වලට යන්නෙ නැති පැල්ලම් යවන්න විතරක් මේවා භාවිත කරන්න.ඒක ආර්ථිකයටත් හොදයි.

මේ ගැන ඔයාගෙ අදහසුත් කමෙන්ට් කරන්න.අපේ ෆේස්බුක් පිටුවට ලයික් කිරීමෙන් අලුත් ලිපි බලාගන්නත් පුලුවන්.