සබන් නිශ්පාදනය ගැන දැනගනිමු.

අපි ඉපදුන දවසෙ ඉදන් කොච්චර සබන් පාවිච්චි කරල ඇත්ද?එ් නිසාම මට හිතුනා සබන් ගැන තොරතුරු හොයන්න.ඉතිං මං මගේ පලමු ලිපියෙන්ම ඒ හොයාගත්ත ‍තොරතුරු ඔයාල එක්ක බෙදාගන්න හිතුවා.

කාර්මිකව සබන් නිශ්පාදනය කිරීම පියවර 4කින් සිදු වෙනවා.

1.සැපොනීකරණය

සැපොනීකරණය කියන්නෙ සබන් නිශ්පාදනය වන ප්‍රතික්‍රියාව.මෙහිදී ශාක තෙල් හෝ සත්ත්ව මේද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග මිශ්‍රකර රත් කිරීමකට ලක්කරයි.මෙම ප්‍රතික්‍රියාව මගින් සබන් සහ අතුරුඵලයක් ලෙස ග්ලිසරීන් සෑදේ.

2.ග්ලිසරීන් ඉවත්කිරීම.

ඉහත ප්‍රතික්‍රියාවේදී අතුරුඵලයක් වූ ග්ලිසරීන් සබන් වලට වඩා ගොඩක් වටිනවලු.ඒ නිසා ඒවා වෙනම එකතු කරල රෑපලාවන්‍ය ද්‍රව්‍ය නිශ්පාදනයට ගන්නවලු.

3.පිරිසිදු කිරීම.

සබන් හදන්න ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භෂ්මයක්.මේවා සබන්වල ඉතිරි වුනොත් අතට විසයි.ඒ නිසා සිට්රික් අම්ලය වැනි දුබල අම්ලයක් එකතු කරල මේ ඉතිරිවෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උදාසීන කරනවා.

4.නිමාව

ඇත්තටම නියම සබන් වල සුවදක් නැහැ.මේ සුවද වර්ග සහ පාට වර්ග එකතු කරන්නෙ අවසානයෙදි.මීට අමතරව විවිධ හැඩවලට පත් කිරීමත් මේ පයවරේදි සිදු වෙනවා..

කෙසේ වෙතත් නූතන සබන් නිශ්පාදනයෙදි මීට වඩා බොහෝ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා.

මෙව තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නෙ(කෝස්ටික් සෝඩා කියලත් කියනවා)
මෙව තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නෙ(කෝස්ටික් සෝඩා කියලත් කියනවා)
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )