දුරකථන බිල හරි අඩකින් අඩු කිරීමේ මග

අද වෙනකොට ෆෝන් එක අපිට නැතුවම බැරි දෙයක් වෙලා.ඒ නිසා මාසෙකට සැලකිය යුතු මුදලක්  දුරකථන ගාස්තු සදහා වැය වෙනවා.ඔබ පෙරගෙවුම් පාරිභෝගිකයෙක් වේවා පසුගෙවුම පාරිභෝගිකයෙක් වේවා දුරකථන බිල අඩු කරන කරන්නෙ මෙහෙමයි.

අපි මුලින්ම දැනලන්න ඕන දේ තමයි දුරකථනය තියෙන්නෙ අවශ්‍ය දේ කතාකරන්න විතරයි.සමහර විට ඔබ පැය ගනන් දුරකථනයෙන් කතා කරනවා ඇති අනවශ්‍ය දේවල්.ඒ නිසා මුලින්ම ඇතිකරගන්න ඕන පුරුද්ද තමයි අවශ්‍ය දේ පමනක් කතා කිරීම.එවිට ඔබ හිතන්න පුළුවන් මෙහෙම කලොත් දුර ඉන්න නෑදෑ හිත මිතුරන් අමනාප වෙන්න පුළුවන් කියලා.ඒකටත්හොද උපක්‍රමයක් තියෙනවා.ඔබට පුළුවන් කෙටි පනිවිඩ කිහිපයකින් ඔවුන් හා එක්වෙන්න.එසෛ් නොහැකි නම් ඔබට පුළුවන් මසකට සැරයක් හෝ සතියකට සැරයක් ඔවුන් අමතන්න.

අනිත් කාරනාව තමයි අපි ඇමතුමක් ගන්න කලින් තීරණය කරන්න ඕන අපි කතාකරන්න ඕන දෙය..අපි මෙහෙම හිතමු.ඔන්න කමල් කියලා යාළුවෙකුට කියන්න ඕන වෙනවා හෙට එනකොට මතක ඇතුව මගේ පොත ගේන්න කියලා.ඒත් කොල් එක අරගෙන වෙන දේවල් මුලින් කතාකරොත් සමහර විට අර කාරණාය අපිට අමතක වෙන්න පුළුවන්.

අනිත් කාරණාව තමයි කෝල් එකක් ගනිද්දි දුර දිග යන සංවාද වලට මුල පිරීමෙන් වලකින්න ඕන.එවිට දන්නෙම නැතුව කාලය ගතවෙනවා.ඒත් එක්කම ඔබේ මුදලුත් ඉවර වෙනවා.ඒ නිසා දුරදිග යන සංවාද වලින් වලකින්න.

අනිත් දේ තමයි කෝ එක අරගෙන ඉවර වුනාම අනිවාරෙන් දුරකථනයෙන් කට් කරන්න.මේක ගොඩක් අය කරන්නෙ නෑ අනිත් කෙනා කට් කරයි කයල හිතාගෙන.ඒත් දෙන්නම ඒ විදිහට හිදලා නිකං හිටියොත් වෙන දේ හිතාගන්න පුළුවන්නෙ.

තව එක උපක්‍රමයක් කියන්න කැමතියි.ඔබේ ලග තියෙන සියලුම දුරකථන අංක ලැයිස්තු ගත කරන්නතඒ අතරින් ඔබට නිතර අවශ්‍ය වන හා නිතර ඇමතුම් ලබාගන්නා අංක තෝරාගන්න.ඒවායෙන් වැඩි පිරිසක් භාවිතා කරන දුරකථන ජාලය අධ්‍යනය කරන්න.එම දුරකථන ජාලයේ සිම්පතක් තෝරාගන්න.මොකද එකම ජාලය අතර ඇමතුම් ගාස්තු අඩුයි.එය ඔබට ඉතා වාසිදායකයි.

අපි මෙච්චර වෙලා කතාකරපුවා දැන් සාරාංශගත කරලා බලමු.

  • අවශ්‍ය දෙය පමණක් කතාකිරීමට දුරකථනය භාවිතා කරීම
  • ඇමතුම ලබාගැනීමයට පෙර කතාකළ යුතු දේ තීරණය කිරීම.
  • දුරදිග යන සංවාද වලින් වැළකීම
  • ඇමතුම අවසන් වූ පසු දුරකථනය කට් කිරීම.
  • වැඩි දෙනෙකු භාවිතා කරන දුරකථන ජාලයක් භාවිතා කිරීම.

හොදයි මම හිතනවා ඔයා යමක් දැනගන්නට ඇති කියලා.ඔබට මෙය ප්‍රයෝජනවත් වුනානම් යාළුවො එක්ක ෂෙයාර් කරගන්න.ඔබේ අදහස් පවසන්නත් අමතක කරන්න එපා.එහෙනම් නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු.

3 thoughts on “දුරකථන බිල හරි අඩකින් අඩු කිරීමේ මග

ප්‍රතිචාරයක් ලබාදෙන්න